Monday, November 25, 2024

General line - 0115112241

ආර්ථික අර්බුද මැද පාසලේදී දරුවන් සතුටින් තැබීමට ගුරු විදුහල්පතිවරුන්ට හැකියාවක් තිබේද ?




ගුරු දිනය මෙරට තුළ අද සමරනවා. මෙවර ගුරු දිනය ශ්‍රී ලංකාව සමරන්නේ අන්කවරදාකටත් වඩා ගුරුවරුන්, දරුවන් මෙන්ම පාසැල් පද්ධතියට සම්බන්ධ සියලු දෙනා අර්බුදකාරී පසුබිමක සිටින වටපිටාවකයි. 

ආර්ථික අර්බුද පවතින මෙවන් වකවානුවක පාසලේදී දරුවන් සතුටින් තැබීමට ගුරු විදුහල්පතිවරුන්ට හැකියාවක් තිබේද ? මේ, මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී ආචාර්ය සුමේධා ජයවීර.

දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ද මේ වන විට මතුව ඇත්තේ දැඩි කතාබහක්. ඒ සම්බන්ධයෙන් ගුරුවරුන්ට ඇති වගකීම පිළිබඳව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න මෙලෙස අදහස් පළ කළා.

මේ අතර ගුරු විදුහල්පතිවරුන් ඇගයීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පැවැත්වෙනවා. එම උත්සවය නම් කර ඇත්තේ “ගුරු ප්‍රතිභා ප්‍රභා” ලෙසයි. ලෝක ගුරු දිනය ඊයේ දිනට යෙදී තිබුණා. ඊට සමගාමීව මෙරටදී ගුරු දිනය සමරන්නේ අදයි.