Friday, April 19, 2024

General line - 0115112241

දරුවන්ගේ අනාගතය සකස් කිරීමේ වගකීම ඇත්තේ ගුරුවරයාටයි - අධ්‍යාපන විශේෂඥයින් කියයි



දරුවන්ගේ අනාගතය සකස් කිරීමේ වගකීම ගුරුවරයාට පැවරී ඇති බව කැලණිය විශ්ව විද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ පවසනවා.

ගුරුවරයාගේ භූමිකාව සහ එය සංවර්ධනය විය යුත්තේ කෙසේදැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. ඊට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මෙම අදහස් පළ කළා. 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න ද එක් වුණා.