Saturday, April 27, 2024

General line - 0115112241

ගුරු භූමිකාව යාවත්කාලීන වියයුතුයි - අධ්‍යාපන විශේෂඥයින් කියයි



වර්තමාන තත්ත්වයන් සමඟ ගුරු භූමිකාව යාවත්කාලීන වියයුතු බව හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති කසුන් ගුණරත්න පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

රටේ අධ්‍යාපන යාන්ත්‍රණය යාවත්කාලීන වියයුත්තේ කෙසේද යන්න මෙම වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ අධ්‍යාපන මනෝ විද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති ජේ්‍යෂ්ඨ කථිිකාචාර්ය චින්තක චන්ද්‍රකුමාරද එම වැඩසටහනට එක් වුණා.