Saturday, April 27, 2024

General line - 0115112241

පාසැල් සමයේදීම දරුවන්ට රට තුළ ඇති විවිධ වෘත්තීන් පිළිබඳ නිසි දැනුවත් කිරීමක් ලබාදීම අත්‍යවශ්‍යයි - අධ්‍යාපන විශේෂඥයින් පෙන්වා දෙයි



රට තුළ ඇති විවිධ වෘත්තීන් පිළිබඳ පාසැල් සමයේදීම දරුවන්ට නිසි දැනුවත් කිරීමක් ලබාදීම මේ මොහොතේ කළ හැකි අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් බව කඩුවෙල මුණිදාස කුමාරතුංග විද්‍යාලයේ විදුහල්පති මේජර් ඉන්දික රාජපක්ෂ පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්.

සෑම වෘත්තියකටම නිසි පිළිගැනීමක් හිමිවීම අත්‍යවශ්‍ය කාරණයක් බව ටේ‍රනින්ග් හබ් ඒෂියා නිර්මාතෘ, ව්‍යවසායකත්ව පුහුණුකරු, ව්‍යාපාර උපදේශක ප්‍රසන්න ලියනගේ පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහන බැලුම්ගල යූ ටියුබ් නාළිකාවේ ඇතුලත්.