Saturday, April 27, 2024

General line - 0115112241

DSI සුපර් සපෝර්ට් වොලිබෝල් තරගාවලියේ ජය උහන තිස්සපුර විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් විදුහල දිනා ගනියි




ඩී එස් අයි පූර්ණ අනුග්‍රාහකත්වයෙන්, ශ්‍රී ලංකා වොලිබෝල් සංගමය හා පාසල් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කළ ඩී එස් අයි සුපර් ස්පෝර්ට් වොලිබෝල් තරගාවලියේ ඉකුත්දා පැවති අවසන් මහා තරගවලදී වයස  අවුරුදු 19 න් පහළ කාන්තා ශූරතාවය දිනා ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සමත් වුණා.

වයස අවුරුදු 19න් පහල පිරිමි ශූරතාවය හිමිකරගත්තේ වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් විද්‍යාලයයි.

එම තරගාවලියේ වයස අවුරුදු 17 න් පහළ කාන්තා ශූරතාවය හුංගම විජයබා විද්‍යාලය හිමි කරගත් අතර වයස අවුරුදු 17 පහළ පිරිමි ශූරතාව හිමිකරගත්තේ මීගමුව ලොයලා විද්‍යාලයයි.
 
දිවයින පුරා පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්දහසක් පමණ සහභාගි වූ එම තරගාවලියේ  අවසන් තරග පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි.