Saturday, April 27, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි




මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් එම කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

පී.එම්.එස්.චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කෙරුණා.

විසි වන වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වීමත් සමග චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසම සඳහා පත් කෙරුණා.