Saturday, September 21, 2024

General line - 0115112241

ලංකාවේ බහුතරය ‘කම්මැලියෝ‘ – සමීක්ෂණයකින් හෙළිවේ




ශී‍්‍ර ලාංකිකකයන්, සාමාන්‍යයෙන් දෛනිකව ඉටුකළ යුතු වැදගත් කාර්යයන් ඉටු නොකර සිටීම සදහා හේතු 4 ක් පමණ දක්වන බව සමීක්‍ෂණයකින් හෙළිවී තිබෙනවා. එල් එම් ආර් බී හෙවත් ලංකා මර්කට් රිසර්ච් බියුරෝ මගින් මෑතකදී කරන ලද සමීක්‍ෂණයකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මේ අතරින් සියයට 80 ක් පමණ දෛනික කටයුතු පැහැර හැරීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ වෙලාවක් නැති බවයි. ඊට අමතරව බියෙන් පසුවීම හෝ අදාළ කටයුත්ත සාර්ථක කර ගැනීමට තමන්ට හැකියාවක් තිබේද යන්න සැක සහිත බව සමීක්‍ෂණයට භාජනය වූ සියයට 45 ක් ප‍්‍රකාශ කර තිබෙනවා. උත්සාහ කර පළක් නොමැති බවට සියයට 38 ක් ද අදාළ කටයුත්ත කළයුතු ආකාරය නොදන්නා බවට සියයට 26 ක්ද ප‍්‍රකාශ කර ඇති බවයි සමීක්‍ෂණයෙන් අනාවරණ වුණේ.

මෙම කරුණු අනාවරණ කෙරුණේ ගුණ ජය සතුට පදනම සංවිධාන කළ සම්මන්ත‍්‍රණයකදීයි. නිදහසට හේතු කීමට වෙනුවට අවශ්‍ය දේ කිරීමට හැකි ක‍්‍රමයක් සොයා ගැනීම සදහා ජනතාව යොමුකරවීමේ අරමුණින් සම්මන්ත‍්‍රණය පැවැත්වුණා. එවරස්ට් කදු මුදුන තරණය කළ ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා වන ජයන්ති කුරුඋතුම්පාලද මෙහිදී අදහස් දැක්වුවා.

වීඩියෝව පහතින් නරඹන්න