Saturday, September 21, 2024

General line - 0115112241

සමුගැන්මේ ‘අවසන් තීරණය‘ ගැන ඩිල්ෂාන් කියයි




තමන් එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් දැන්ම සමුගැනීමට තීරණයක් ගෙන නොමැති බව තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.

ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන් පසු ඩිල්ෂාන් එක්දින පිටියෙන් සමුගනු ඇති බවටයි මාධ්‍ය වාර්තා පළ වුණේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී ඩිල්ෂාන් කියාසිිටියේ තමන් මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

ඇතැම් පිරිස් මෙවැනි කටකතා පතුරුවා හරින බවද ඩිල්ෂාන් වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.