Saturday, September 21, 2024

General line - 0115112241

ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද




නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

සෑම පුරපසළොස්වක පොහොය දිනකම නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ විකාශය කෙරෙන ශ්වේත පූජා පෝදා සජීවි වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික යටිහලගල රාජමහා විහාරස්ථානයේයි.

මේ අතර මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ අවසන් රන්දෝලි පෙරහැර අද රාතී‍්‍රයේ විථි සංචාරය කිරීමට නියමිතයි.

මහනුවර ශී‍්‍ර දළදා මාළිගාවේ පෙරහැර සදහා නෙත් එෆ් එම් රේඩියෝව බැතිබර මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙනවා.

එමෙන්ම පෙර වසරවලදී මෙන්ම මෙවරද අවසන් රන්දෝලි මහා පෙරහැරේ තතු විත්ති සජීවි විකාශයක් ලෙස ඔබ වෙත ගෙන ඒමටද නෙත් එෆ් එම් රේඩියෝව කටයුතු යොදා තිබෙනවා.

මීට සමගාමීව නෙත් එෆ් එම් රේඩියෝව සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය එක්ව සංවිධාන කරන තේ පැන් දන්සැල අද පස්වරුවේ සිට දෙවන දිනටත් කි‍්‍රයාත්මකයි.