Friday, May 3, 2024

General line - 0115112241

රුපියල ශක්තිමත් වුණේ කෘතිමවද?




ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම, මහ බැංකුව සහ ආණ්ඩුව කෘතිමව සිදුකළ එකක් විවිධ පාර්ශව චෝදනා කළද , රුපියලේ අගය තීරණය වන්නේ ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම මත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබිම සම්බන්ධයෙන්, අද උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය, ලෝක බැංකුවේ ණය ආධාර මුදල සහ ආසියානු සංවර්ධන අරමුදලේ ණය ආධාර මුදල ලැබුණු පසු, එය ධනාත්මකව ආර්ථිකයට බලපානු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

එය මෙරට ඩොලර් සංචිත වැඩිවීමට, රුපියලේ අගය වැඩිවීමට මෙන්ම භාණ්ඩ මිල අඩුවීමට බලපානු ඇති බව ද  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළා.