Saturday, September 21, 2024

General line - 0115112241

හොරු අල්ලපු නිසා ආදායම වැඩි වුණා




රජයේ බදු ආදායම මෙම වසරේ මුල් මාස 6 තුළ රුපියල් බිලියන සියයකින් වැඩි වී ඇතැයි ආණ්ඩුව පවසනවා. පැවති අක‍්‍රමිකතා නිවැරදි කර බලපෑම්වලින් තොරව බදු අයකර ගැනීම මීට හේතු වී ඇති බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (17) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු ප‍්‍රකාශ කෙරුණා.

ඒ අනුව ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම 38% කින් පමණ වැඩි වී ඇති බවත් සුරා බදු 12% කින් සහ රේගු ආදායම 40% කින් වැඩි වී ඇති බවත් සඳහන් කළා. මීට හේතු වී ඇත්තේ මෙම ආයතනවල සිදු වූ අක්‍රමිකතා වංචා දූෂණ නැවැත්වීමට කටයුතු කළ හෙයින් බවත් පැවසුවා.

සුරාබදු ආදායම තවත් වැඩි කරගැනීම සඳහා දුම්වැටි සඳහා පනවා ඇති බද්ද සියයට 90 දක්වා වැඩි කිරීමට මේ වන විට යෝජනාවක්ද ඉදිරිපත් වී තිබෙනවා.