Saturday, September 21, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් දැඩි කලකිරීමක




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පිරිසක් දැඩි කලකිරීමට පත්ව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළි වුණේ පක්ෂ අභ්‍යන්තරයේ ගන්නා ඇතැම් තීන්දු තීරණ සම්බන්ධයෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දැනුවත් නොකිරීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති බවයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරුන් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් පිරිසක් පත් කිරීම ඊයේ (17) සිදු කෙරුණා. එ් සම්බන්ධයෙන්ද  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කර නොමැති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

පක්ෂ අභ්‍යන්තරයෙ ඇතැම් තීන්දු තීරණ තෝරාගත් පිරිසකට පමණක් දැනුම්දීමේ ප‍්‍රවණතාවක් මතු වී තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහ පාද යාත‍්‍රාවට සහභාගි වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට විනය පියවර ගත යුතු බවට පක්ෂ ලේකම් දුමින්ද දිසානායක මධ්‍යම කාරක සභා රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබෙනවා. එහෙත් ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් විරුද්ධ වී ඇති බවයි වාර්තා වුණේ.

එ් අනුව එලෙස විරුද්ධ වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් තීන්දු තීරණ දැනුම් නොදිමේ තත්වයක් මතුව තිබෙනවා.