Saturday, September 21, 2024

General line - 0115112241

ඇසළ පෙරහර මංගල්‍යය අදින් අවසන්




මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ නිමාව සනිටුහන් කරමින් දිය කැපුම් පෙරහර සහ දහවල් පෙරහර අද (18) පැවැත්වෙනවා. අද උදෑසන දේව පූජාව පැවැත්වීමෙන් පසු ගැටඹේතොටේදී දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙනු ඇති.

දහවල් 11 යි 48ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිසාභිමුකව ඝනදෙවි කෝවිලෙන් පිටත්වන පෙරහර කටුකැලේවීදිය . දළදා වීදිය, ඊ.එල් සේනානායක වීදිය, කන්දේ වීදිය ඔස්සේ ඞී.එස්. සේනානායක මංසන්ධියට පැමිණ, දහවල් එකයි විනාඩි 25ට උතුරු දිශාභිමුඛව ගෙඩිගේ විහාරය අසලින් නැවතත් පිටත්වීමට නියමිතයි. අනතුරුව ඞී.එස්. සේනානායක වීදිය, පන්සල පාර දේව වීදිය ඔස්සේ රජවීදියට හැරී මාලිගා චතුරස‍්‍රයේ තෙවරක් ප‍්‍රදක්ෂිනා කොට සවස 3යි 45ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිසාව බලා ගෙවැදීමෙන් ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත් වනවා.

ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ රාති‍්‍රයේ වීථි සංචාරය කෙරුණා. මහනුවර ඇසල මංගල්‍යය සඳහා නෙත් එෆ්.එම්. රේඩියෝම මෙවර බැතිබර දායකත්වය ලබාදුන්නා.

මේ අතර ඇසල පෙරහර අවසානයේ පැවැත්වෙන සමාප්ති උළෙලේදී කලාකරුවන් ඇගයීමද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.