Saturday, September 21, 2024

General line - 0115112241

කොල්ලකරු සමග පොරබැදූ පොලිස් නිලධාරියාට තුවක්කුව පත්තුවෙයි




කොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිමට යාමේදි සුදුවූ පොරබැදිමකදී දි රාජකාරි ගිනි අවිය පත්තුවිමෙන් පොද්දල පොලිසියේ උප පොලිස් පරික්ෂක පාලිත සුළු තුවාල ලබා ඊයේ (17) රාත්‍රි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනිමට යාමේදි කොල්ලකරුවන් පලායාමට උත්සාහකොට තිබෙනවා. එහිදි කොල්ලකරුවන් දෙදෙනා පසු පස පොලිස් නිලධාරින් ලුහුබැඳ ඇති අතර මෙහිදි කොල්ලකරුවකු සමග පොරබැදිමේදි මෙම උප පොලිස් පරික්ෂකවරයාගේ රාජකාරි ගිනි අවිය පත්තුවිමෙන් ඔහුගේ පාදයට තුවාල වි ඇත.

පොලිස් නිලධාරින්ගෙන් මිදි කොල්ලකරුවන් දෙදෙනා පලායාමට උත්සාහ කොට ඇති අතර පොලිස් නිලධාරින් දැඩි පරිශ්‍රමයක් දරා මෙම කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මින් එක් අයකු වැඩ තහනමකට ලක්වු පොලිස් කොස්තාපල්වරයකු බව සහ අනෙක් කොල්ලකරුට අධිකරණයේ වරෙන්තු හතරක් තිබෙන බවද පොලිසිය පවසනවා.