Saturday, September 21, 2024

General line - 0115112241

ඉහළ යන දුම්කොළ බද්ද සමග බීඩි සහ සුරුට්ටුවලටත් නව බදු




බීඩි සහ සුරුට්ටු නිෂ්පාදන වෙනුවෙන් පනවා ඇති බදු ප්‍රතිශතයන් ඉහළ නංවන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කරනු ලැබුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය. එමෙන්ම නීති විරෝධි දුම්වැටි ජාවාරමට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ඔහු මෙහිදී සදහන් කරන ලදි.

දුම්කොළ වෙනුවෙන් දැනට පවතින බද්ද 90% ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව රාජිත සේනාරත්න මහතා පසුගියදා ප්‍රකාශ කරන ලද අතර දුම්වැටි පාරිභෝජනය අධෛර්යමත් කිරීම එහි අරමුණ බව එම තීරණය දැනුම් දෙමින් ඔහු ප්‍රකාශ කරන ලදි.

AC Neilsen ආයතනය මීට වසර කිහිපයකට පෙර සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ දුම්කොළ නිෂ්පාදන වෙළදපොලින් 42‍% කට හිමිකම් කියනු ලබන්නේ බීඩි නිෂ්පාදන විසින් බවයි. බීඩියක් රුපියල් 3 වැනි මිළකට අළෙවි වන අතර දුම්වැටියක සාමාන්‍ය මිළ රුපියල් 35 ත් 40 ත් අතර පවතීගමේ අනුව ඉහළ නංවන නව බදු ප්‍රතිශත සමග ඉහළ යන දුම් වැටි මිළ හමුවේ දුම් කොළ නිෂ්පාදන පාරිභෝගිකයන් විකල්ප දුම්කොළ නිෂ්පාදන සහ නීති විරොධී දුම්කොළ නිෂ්පාදන කෙරෙහි නැඹුරු වීමේ ප්‍රවණතාවක් පවතිනවා. ඒ අනුව දුම්කොළ බද්ද ඉහළ නැංවීමේ සැබෑ අරමුණ ඉටු නොවන අතර දුම්කොළ නිෂ්පාදන භාවිතාව අවම කිරීමට නම් විකල්ප නිෂ්පාදන ව්‍යාප්තියට එරෙහිව පියවර ගත යුතු බව ආර්ථික විශ්ලේෂකයන්ද පෙන්වා දෙනවා.