Saturday, September 21, 2024

General line - 0115112241

හමුදා කඳවුර සති 02ක් ඇතුළත ඉවත් කරන්න




කිලිනොච්චිය පරවිපරච්චාන් යුද හමුදා කඳවුර සති දෙකක් ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කර කඳවුර ඉදිකර ඇති භූමිය එහි මුල් අයිතිකරුවන්ට ලබාදෙන බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එ් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා සමග සහ කිලිනොච්චි දිස්ති‍්‍රක් ලේකම්වරයා සමගද සාකච්ඡා කළ බවයි.

සිය මුල් ඉඩම් යළි ලබාදෙන්නැයි ඉල්ලමින් කිලිනොච්චිය ප‍්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් පරවිපරච්චාන් යුද හමුදා කඳවුර ඉදිරිපිට දින 5ක් තිස්සේ සත්‍යග‍්‍රහයක නිතර වනවා. එම ස්ථානයට පැමිණි විපක්ෂ නායකවරයා ඊයේ (17) මේ බව කියා සිටියා.