Saturday, September 21, 2024

General line - 0115112241

යුධ බිමේ වීරත්වය පෑ ‘නාවික හමුදාව’ රටට තිළිණ කළ අලුත්ම තෑග්ග(PHOTOS)




නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය විසින් ජංගම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයක් ප්‍රථම වරට නිෂ්පාදනය කර තිබෙනවා.

හම්බේගමුව ප්‍රදේශයේ වෙසෙන පවුල් 3000 ක පමණ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් මෙය යෙදවූ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.

ගංගා සහ වැව් ආශ්‍රයෙන් ලබා ගන්නා ජලය පිරිසිදු කර මහජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සඳහා ලබාදීමට හැකිවීම මෙම ජංගම ‍ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රයේ විශේෂත්වයයි.

මෙහි ධාරිතාවය ලීටර් 10,000 ක් වන අතර එමගින් හම්බේගමුව ප්‍රදේශයේ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට හැකි බවයි වාර්තා වන්නේ.

ඉදිරි සති කීපය ඇතුළත මෙවැනි ජල පිරිපහදු යන්ත්‍ර 5ක් පමණ වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීම වෙනුවෙන් ලබාදීමට කටයුතු කරමින් පවතින බව ද නාවික හමුදා මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසනවා.1 2 4 5