Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රීලනිපයට ගෝඨා ගේන සැලසුමේ කොටසක් සාර්ථකයි




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකයෙකු ලෙස ඉදිරියට ගෙන එ්ම සඳහා තවදුරටත් විවිධ සැලසුම් කි‍්‍රයාත්මක කරන බව අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා දෙවන පෙළ නායකයෙකු ලෙස ඉදිරියට ගෙන එ් සම්බන්ධයෙන් ජනමතයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් පැවති බවයි. මේ වන විට එය සිදුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් මීට පෙර කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ තනතුරු භාර ගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.