Saturday, September 21, 2024

General line - 0115112241

VAT ගැන ශ්‍රීලනිප යෝජනා මුදල් ඇමති අතට




වැට්බදු සංශෝධනය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවලිය මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත භාරදී තිබෙනවා. අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් විසින් අදාළ යෝජනාවලිය මුදල් අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

වැට්බදු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් පත් කරනු ලැබුවා. එ් අනුව අදාළ කමිටුව නව වැට්බදු සංශෝධනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් සකස් කරනු ලැබුවා.

සියයට 11ක්ව පැවති වැට්බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට ගත් යෝජනාව මුදල් අමාත්‍ය රවි කරුණානායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහෙත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කළේ. එ් අනුව යළිත් වරටක් වැට්බදු සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීමට රජය තීරණය කළා.