Saturday, April 27, 2024

General line - 0115112241

ලංගම රියදුරු කොන්දොස්තර පුරප්පාඩු 800 ක්




ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු හා කොන්දොස්තර පුරප්පාඩු 800 ක් පවතින බව අනාවරණ වී තිබෙනවා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේ රැස්වූ බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවට නිලධාරීන් කැඳවූ අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මේ වන විට සේවය කරනු ලබන සමස්ථ සේවක සංඛ්‍යාව 26,561 ක්. ඒ අනුව රියදුරු හා කොන්දොස්තර හිඟය පියවා ගැනීම සඳහා රජයේ අනුමැතිය මත බඳවා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන බවයි එම මණ්ඩලයේ නිලධාරීන් කාරකසභාව දැනුම්දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර අට ශ්‍රේණිය සමත් පුද්ගලයින් ඩිපෝ කළමණාකරුවන් බවට පත්ව ඇති බවත්, ගණකාධිකරණ, තාක්ෂණික ඇතුලු අංශ ගණනාවක තනතුරුවල ගැටළු රැසක් පවතින බවද එහිදී හෙළිවී තිබෙනවා.

මැතිවරණයකින් අනතුරුව සුදුසුකම් නොමැති ඇතැම් වෘත්තිය සමිති නායකයින් ඩිපෝ කළමනාකාරිත්වය ඇතුලු ඉහළ තනතුරුවලට පත්වීම වැළැක්වීම සඳහා දේශපාලන අතපෙවීම් වැළැක්වීමේ අවශ්‍යතාවය ද එහිදී සාකච්ඡාවූ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.