Saturday, September 21, 2024

General line - 0115112241

පෝර්ට් සිටි වෙනස් වුණත් හානිය එලෙසමයිලු




මූල්‍ය නගර ව්‍යාපෘතියට එරෙහිවද ඉදිරියේ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කරන බව පෝර්ට් සිටි විරෝධී පෙරමුණ පවසනවා.

එහි කි‍්‍රයාකාරී සාමාජික සරත් ඉද්දමල්ගොඩ පියතුමන් සඳහන් කළේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නව ගිවිසුමක් අත්සන් කළ ද ඉන් සිදු වූ පරිසර හානිය එලෙසින්ම සිදුවන බවයි.

එම නිසා ලබන ඔක්තෝබර් මාසයේදී මූල්‍ය නගර ව්‍යාපෘතියට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි පෝර්ට් සිිටි විරෝධී පෙරමුණේ කි‍්‍රයාකාරී සාමාජික සරත් ඉද්දමල්ගොඩ පියතුමන් සඳහන් කළේ.