Saturday, September 21, 2024

General line - 0115112241

අත්සන් කළොත් විශ්වාශභංගයක්?




අතුරුදන්වූවන්ගේ කාර්යාලයට අදාළ පනත් කෙටුම්පතට අත්සන් තැබුවහොත් කතානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් වුවද ගෙන ආ හැකි බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල සඳහන් කළේ විධිමත්ව සම්මත නොවූ පනත් කෙටුම්පතකට අත්සන තැබුව හොත් චේතනාත්මකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් ලෙස එය සැලකිය හැකි බවයි.

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට අදාළ පනත් කෙටුම්පත සම්මත වූ ආකාරය පිළිබඳ කථානායකවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්වුණා.

ඉන්පසුව මාධ්‍ය අමතමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන සඳහා කළේ අදාළ පනත් කෙටුම්පත සම්මත වූ ආකාරය සම්බන්ධයෙන්ද ගැටලූ පවතින බවයි .