Saturday, September 21, 2024

General line - 0115112241

යුක්රේනයෙන් රුසියාවට පොකුරු බෝම්බ ප්‍රහාර




යුක්රේනය මේවනවිට පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින බව රුසියාව පවසනවා. යුක්රේනය සිකුරාදා බටහිර බෙල්ගොරොඩ් කලාපයේ රුසියානු දේශසීමා ගම්මානය වන ෂුරව්ලෙව්කා වෙත පොකුරු බෝම්බවලින් පහර දුන් බවයි බෙල්ගොරොඩ් ආණ්ඩුකාරවරයා අද ප්‍රකාශ කළේ. ඒ අනුව යුක්රේනය කාලතුවක්කු උණ්ඩ 21 ක් සහ බහු රොකට් විදිනයකින් පොකුරු බෝම්බ තුනක් ෂුරව්ලෙව්කා ගම්මානයට එල්ල කළ බව ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.


කෙසේවෙතත් යුක්රේනය මේ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. කෙසේවෙතත් යුක්රේනයට පොකුරු බෝම්බ ලබා දෙන බව අමෙරිකාව ඉකුත්දා ප්‍රකාශ කළා. ඒ රටවල් සියයක් පමණ පොකුරු බෝම්බ භාවිතය තහනම් කර තිබියදීයි. ඒ අනුව අමෙරිකාව ගත් තීරණයට මිතුරු පාර්ශවීය රටවල් පවා විරෝධය පෑ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ එය අසීරු තීරණයක් බවයි.


කෙසේවෙතත් නෞකා මගින් අමෙරිකාව යුක්රේනයට අවි ප්‍රවාහනය කරන බව රුසියාව ඉකුත් සතියේ චෝදනා කළා. ඉන් අනතුරුවයි යුක්රේනය පොකුරු බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව අද ප්‍රකාශ කළේ. කෙසේවෙතත් අමෙරිකාව ද මෙතෙක් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.