Saturday, September 21, 2024

General line - 0115112241

ජනප්‍රිය නිළියක් සහ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු අතර මහමග මුදල් ආරව්ලක්




ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් සහ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු අතර අද අලුයම ආරවුලක් හටගෙන තිබෙනවා. ඒ, පානදුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදීයි. මුදල් සම්බන්ධ සිද්ධියක් මුල් කර ගෙන එම ආරවුල හටගෙන ඇති බවයි පානදුර දකුණ පොලීසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක්ද ආරම්භ කළා. කෙසේවෙතත් පෙම්වතුන් වන ඔවුන් දෙදෙනාගේ ගැටළුව විසදීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. අදාළ නිළිය වෙනුවන් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයා රුපියල් ලක්‍ෂ 75 ක පමණ මුදලක් විදයම් කර ඇති බව වාර්තා වනවා. අද අලුයම එම නිලිය ජංගම දුරකතනය, ලක්‍ෂ තුන හමාරක පමණ මුදල සහ මෝටර් රථයේ යතුර ලබාගත් බවටද ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයා පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.