Saturday, September 21, 2024

General line - 0115112241

ලැව්ගිනි හමුවේ ග්‍රීසිය සංචාරකයින් දහස් ගණනක් ඉවත් කරයි




ග්‍රීසියේ රෝඩ්ස් දූපතේ ප්‍රබල ලැව්ගිනි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ ලැව් ගිනි ව්‍යාප්ත වෙමින් ඇත්තේ දෙස් විදෙස් සංචාරකයින් රැසක් එම දූපතේ හෝටල් සහ නිවාඩු නිකේතවල රැඳී සිටින පසුබිමක් තුළ බවයි. පවතින අවධානම හේතුවෙන් ග්‍රීසියේ රෝඩ්ස් දූපතේ හෝටල් සහ නිවාඩු නිකේතනවල රැඳී සිටි දහස් ගණනක් ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ගොඩබිමින් සහ මුහුදු මාර්ගය ඔස්සේ මේවනවිට 3,500 ක පමණ පිරිසක් රෝඩ්ස් දූපතෙන් ඉවත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ ග්‍රීසියේ ගිනි නිවන අංශ මෙතෙක් මුහුණ පා ඇති දුෂ්කරම මෙහෙයුම මෙම ලැව් ගිනි තත්ත්වය බවයි. යුරෝපා කලාපයට අයත් රටවල් රැසක් මේවනවිට දැඩි උණුසුම් කාලගුණයෙන් පීඩා විඳිනවා. ඒ හමුවේ පවතින සුළං ප්‍රවාහය හමුවේ ලැව් ගිනි ව්‍යාප්තවීමේ අවධානමක් ද පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.