Saturday, September 21, 2024

General line - 0115112241

උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර් සංගමයේ නිලවරණය ලබන 25 වනදා




ජනතාවට සේවා සැපයිමේදී සිය සාමාජිකයින්ට තවදුරටත් ගැටලුවලට මුහුණු දිමට සිදු වන බව දීප ව්‍යාප්ත උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර් සංගමය පවසනවා. එහි සභාපති දුෂ්මන්ත කරුණානායක පැවසුවේ එම ගැටලු විසඳා ගැනිමට ඉදිරියේදි සිය සංගමය හරහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවයි. 

උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ටාර් සංගමය නිලවරණය හා සාංවත්සරික උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හොරණ, කඳන ප්‍රදේශයේදී ලබන 25 වනදා පැවැත්වීමට නියමිත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.