Saturday, September 21, 2024

General line - 0115112241

පකිස්තානුවන් 12,000 ක් විදෙස් සිරකුටිවල සිටින බවට වාර්තා




විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලද පාකිස්තාන වැසියන් 12,000 කට වැඩි පිරිසක් විවිධ රටවල බන්ධනාගාර තුළ සිරගතව සිටින බව පාකිස්තානය පවසනවා.

එරට මාධ්‍ය පැවසුවේ පාකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වි ඒ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

ඉන් වැඩි පිරිසක් රඳවා සිටින්නේ මැදපෙරදිග කලාපීය රටවල බව ද සඳහන්.

එලෙස මැදපෙරදිග කලාපීය රටවල සිරමැදිරි තුළ සිටින පිරිසෙන් වැඩිම පිරිසක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාර තුළ සිටින  බව ද වාර්තා වනවා.

එලෙස සිරදඬුවම් විඳින පාකිස්තාන පුරවැසියන් 6,200ක් පමණ වන බව ද සඳහන්.

පකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව පාකිස්තාන පුරවැසියන් 1,612 ක් අබුඩාබි හි සිරමැදිරි තුළ රඳවා සිටිනවා.

රියාද්හි 1,596 ක් ද, ජෙඩාහි 1,504 ක් ද, ඩුබායි හි 1,488 ක් ද සිරගතව සිටින බවයි වාර්තා වන්නේ.