Saturday, September 21, 2024

General line - 0115112241

‘මිනිස් පළිහක්’ යොදා අයි එස්ලා වාහන සිය ගණනකින් පැනයති (PHOTOS)




උතුරුදිග සිරියානු නගරයක් වූ මන්ජීබ් නගරයෙන් ඉවත්වීම සඳහා IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සිවිල් වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගත් ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබෙනවා.

අයි එස් ග්‍රහණයේ තිබූ මන්ජිබ් නගරයට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාව පසුගිය සති 10 පුරා ප්‍රහාර එල්ල කර තිබෙන අතර, එම නගරයෙන් පළායාම සඳහා අයි එස් ත්‍රස්තයන් වාහන සිය ගණනක සිවිල් වැසියන් නංවා ඔවුන් මිනිස් පළිහක් ලෙස යොදාගැනීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් සිවිල් වැසියන්ට වන හානික සළකා එම වාහන වලට පහර නොදුන් බවත් නිරුපද්‍රිතව ගමන් කිරීමට ඉඩ ලබාදුන් බවත් වාර්තා වනවා.

එම වාහන පෙළ උතුරුදිග තුර්කි දේශසීමාව දක්වා ගමන් කළේ යැයි සිරියානු බලධාරීන් පවසනවා.

d30e47a598b4a4a8507373a910cf5fa8

b85d3cc317c740e908fdb1cc8706fbae

b71492610bc28cbe25e3e1c8e4752e5d