Saturday, September 21, 2024

General line - 0115112241

බෝල්ට් තෙවන රන් පදක්කමත් දිනයි – වීඩියෝව මෙන්න!




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර් 100 සහය දිවීම පිරිමි ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට උසේන් බෝල්ට් ප‍්‍රමුඛ ජැමෙයිකා කණ්ඩායම සමත් වුණා.

මෙය මෙම තරගාවලියේදී උසේන් බෝල්ට් දිනාගත් තුන්වන රන් පදක්කමයි. මීටර් 100 සහ මීටර් 200 කේවල ඉසව්වලින් ද රන් පදක්කම් දිනා ගැනීමට උසේන් බෝල්ට් සමත් වුණා.

මීටර් 100 සහාය දිවීම පිරිමි ඉසව්වේදී ජැමෙයිකානු කණ්ඩායමේ තරග නිමි කාලය තත්පර 37.27ක්. ජපානය රිදී පදක්කම ද, කැනඩාව එහි ලෝකඩ පදක්කම ද දිනාගත්තා.

මේ අතර මීටර් 100 සහාය දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගත්තේ අමෙරිකාවයි. ඔවුන්ගේ තරග නිමි කාලය තත්පර 41.01ක් වුණා. එහි රිදී පදක්කම ජැමෙයිකාවටද ලෝකඩ පදක්කම මහා බි‍්‍රතාන්‍යටද හිමිවුණා.


Usain Bolt 9 olympic gold 4x100m final Rio 2016 by neslawek
JAMAICA_TEAM-large_trans++qVzuuqpFlyLIwiB6NTmJwfSVWeZ_vEN7c6bHu2jJnT8

4534535