Saturday, July 27, 2024

General line - 0115112241

ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වූ හේතුව ගැන රජයෙන් පැහැදිලි කිරීමක්

නිහාල් සිරි ගම්ලත්,තිසර සමල




මෙරට ජනතාවගේ ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහළ යාමට බලපෑ ප්‍රධාන සාධකය රුපියලේ අගය පහළ යාම බව  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 

සංඛාත්මකව බැලීමට වඩා වැදගත් වන්නේ රටක ණය ආපසු ගෙවීමේ හැකියාව සහිත රටක් බවට පත්වීම බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී වැඩිදුරටත් පැවසුවේ.