Saturday, September 21, 2024

General line - 0115112241

77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියේ විවෘත මිශ්‍ර යුගල ශූරතාවය නාවික හමුදාව දිනාගනියි




ලංකා මේස පන්දු සංගමය විසින් සංවිධානය කරන ලද 77 වැනි ජාතික මේස පන්දු ශූරතාවලියෙදී විවෘත මිශ්‍ර යුගල ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබෙනවා.

මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම තරඟාවලිය පවත්වා තිබු අතර දිවයිනේ ප්‍රකට මේස පන්දු කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙසිය තිස් දෙදෙනෙකුගේ (232) පමණ සහභාගීවී තිබෙනවා 

මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙකු (06) සහභාගී විය

ඒ අනුව, නාවික හමුදා මේස පන්දු කණ්ඩායම නියෝජනය කරමින් විවෘත මිශ්‍ර යුගල ශූරතාවය සඳහා සහභාගී වූ බලනැවි එන්එස් රංචාගොඩ සහ බලකාන්තා නැවි එච්පී කපුගීකියන විසින් 3-2 ක් ලෙස  යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් එහි ශූරතාවය දිනාගැනීමට සමත් වී තිබෙනවා.