Saturday, September 21, 2024

General line - 0115112241

මාලදිවයින බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් යළි කටුනායකට

ටී කේ ජී කපිල




මාලදිවයින බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ගුවන් ගතවි මිනිත්තු 10 කින් යළි කටුනායක ගුවන් තොටුපොලට ගොඩ බස්වා තිබෙනවා.

එම ගුවන් යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් එලෙස යළි ගොඩබස්වා ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.

එයාර් බස් ඒ.- 330 වර්ගයට අයත්  එම ගුවන් යානයේ එම අවස්ථාවේ මගීන් 201 දෙනෙකු රැදී සිට තිබෙනවා.

එම ගුවන් යානයේ සිටි ඉතා කඩිනමින් මාළදිවයින වෙත යාමට සිටි මගීන් වෙනත් ගුවන් යානාවලින් පිටත්කර හැරීමට පියවර ගෙන තිබුණා.  

ඉතිරි මගීන් පස්වරු 06.30ට ගුවන් ගත වූ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත් කර හැරීමට ගුවන් තොටුපොල බලධාරීන් කටයුතු කර තිබෙනවා.