Saturday, September 21, 2024

General line - 0115112241

ජිවිතය පූජා කල විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂකවරයාට  වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවසන් ගෞරව දක්වයි 




දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදූව සහ කොක්මාදූව ප්‍රදේශයේදී  අධිවේගි මාර්ගයට කඩා වැටුනු පස් කන්දට යටවු පුරවැසියන්ගේ ජීවිත බේරා ගැනීමට එඩිතරව ක්‍රියා කිරිමේදි තම ජිවිතය පූජා කල විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරික්ෂක ඩබ්.ඩබ්.ඩි.එන් ප්‍රනාන්දු මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහභාගී වී තිබෙනවා.

උප පොලිස් පරික්ෂක ඩබ්.ඩබ්.ඩි.එන් ප්‍රනාන්දුගේ  බිරිඳ, මව සහ කුඩා දියණියන් දෙදෙනාට ශෝකය පළකර තිබෙන අතර එහිදී එම දරුවන් දෙදෙනා ගේ අනාගතය සම්බන්ධව ගතයුතු ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා.

එහිදි කුඩා දරුවන් දෙදෙනාට අධ්‍යපනය ලැබිමට උසස් පාසලකට ඇතුලත් කරදෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයාගෙන්   ඉල්ලා ඇති අතර එම අවස්ථාවේදීම  අධ්‍යාපන අමාත්‍යවරයා වෙත ඉදිරිපත්කර එම ඉල්ලීම ඉටුකර දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.