Saturday, September 21, 2024

General line - 0115112241

කලකට පසු ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 04 ක නිල විදෙස් සංචිතයක්




මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 780 ක විදේශ විනිමය රට තුළට ගලා ඒමත් සමඟ රටේ බාහිර සංචිත ශක්තිමත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

2023 වර්ෂය අවසන් වන විට බලාපොරොත්තු වූවාට වඩා වැඩි අගයක් ගනිමින් මෙරට දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

මෙම මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් අමෙරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකය ලැබීමට නියමිතයි.

විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ද මෙරටට හිමිවනවා.

ලෝක බැංකුවෙන් ද අමෙරිකානු ඩොලර් මිලියන 250 ක් ඊයේ හිමිවුණා.

අමෙරිකානු ඩොලර් මිලියන 787 ක් වන මෙම මුදල් ප්‍රමාණය මගින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි

දියුණු කිරීම අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වර්තමාන අභියෝගයන්ට සියළු දෙනා එක්ව, ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කර ගැනීමටත්, ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙන බවයි.

ඒ, දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමින්. 

මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත් කටයුත්තක්.

ඒ අනුව අප රජය ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගතව කටයුතු කරනවා.

ඒ සමඟම අපගේ ඉලක්කය වන්නේ ඉන් ඔබ්බට වන අවස්ථා ගවේෂණය කිරීම සහ යුරෝපීය සංගමය සමඟ වෙළඳ සබඳතා වැඩි දියුණු කර ගැනීම බවයි ජනාධිපතිවරයා පැවසුවේ.