Saturday, September 21, 2024

General line - 0115112241

ලොකු ලූණු අර්බුදයට උත්තර නැතිවෙයි - දේශීය නිෂ්පාදනය සියයට 10 ට බසියි - ගොවීන් 15,000 සිට දහසක් දක්වා අඩුවෙයි




ලොකු ලූණු සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්ත්වය විසදුමක් නොමැති අර්බුදයක් දක්වා දික්ගැස්සෙමින් ඇතැයි කෘෂිකර්ම පර්යේෂකයින් පවසනවා.

ඊට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ දේශීය ලොකු ලූණු වගාවේ සීඝ්‍ර පසුබෑමයි.

ඉකුත් දශකයක කාලය සැලකීමේදී වැඩිම ලොකු ලූණු අස්වැන්නක් මෙරටින් වාර්තාවී ඇත්තේ 2014 වසරේදීයි.

එහිදී මෙරට ලොකු ලූණු අස්වැන්න මෙටි්‍රක් ටොන් 98,900 ක්.

එය දේශීය අවශතාවයෙන් තුනෙන් එකක්.

2014 වසරේදී මෙරට සිට ඇති ලොකු ලූණු වගා කරන ගොවීන් සංඛ්‍යාව 15,278 ක්. එය 2021 වසර වන විට 9,269 දක්වා ද, 2022 වන විට 6,517 ක් දක්වා ද, මේ වසර වන විට 1,263 ක් දක්වා ද පහළ බැස තිබෙනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර පැවසුවේ මෙරට ලොකු ලූණු අවශ්‍යතාවයෙන් සියයට 90 ක් ම මේ වන විට පිටරටින් ගෙන්වීමට සිදුව ඇති බවයි.


දේශීය ලොකු ලූණු වගාව මෙලෙස කඩා වැටුණේ ඇයි ?


වර්තමානයේ ලොකු ලූණු අර්බුදයක් හටගැනීමට බලපා ඇති හේතු ද රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ බෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර විසින් මෙලෙස පැහැදිලි කළා.


මේ අතර ඉන්දියාව පනවා ඇති ලොකු ලූණු අපනයන තහනම තවත් මාස 05 ක් පමණ කාලයක් ගත වන තුරු ඉවත් නොකරනු ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.