Monday, May 20, 2024

General line - 0115112241

හමාස් සංවිධානයේ ආයුධ තොගයක් ඊශ්‍රායල හමුදාව භාරයට




ගාසා තීරයෙන් මෙහෙයුම් වල නිරත ඊශ්‍රායල හමුදාව හමාස් සංවිධානයට අයත් ආයුධ ගබඩා කිහිපයක්ම සිය භාරයට ගෙන තිබෙනවා.

එම ආයුධ අතර විදෙස් රටවලින් හමාස් සංවිධානය මිලදී ගත් ආයුධ රැසක් හමුවූ බවයි ඊශ්‍රායල හමුදාව පවසන්නේ.

එම ආයුධ අතර චීනයේ නිපදවූ ආයුධ වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව හමාස් සංවිධානය චීනයේ නිෂ්පාදිත දියුණු ආයුධ භාවිත කරන බවයි පැවසෙන්නේ.

ගාසා තීරයෙන් සොයා ගත් නවීන චීන ආයුධ අතර රයිෆල් සඳහා දුරේක්ෂ දර්ශන සහ M16 වර්ගයේ අවි සඳහා භාවිත කර්න කොටස්, මැෂින් තුවක්කු, සවන්දීමේ උපකරණ මෙන්ම උපායශීලී හමුදා ගුවන් විදුලි යන්ත්‍ර සහ නවීන පුපුරණ ද්‍රව්‍ය ද ඇතුළත් බව වාර්තා වනවා.