Friday, October 18, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉන්දියාවට 

චිරාන් ධර්මසේන




බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සිය පළමු විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිණ සිටී.

ඉන්දියාවට පැමිණි ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු විය.

එහිදී ඔවුන් දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට තම කැපවීම තහවුරු කර තිබේ.

"එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී හමුවීම සතුටක්. විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීමට සහ ගැඹුරු කිරීමට අගමැති කීර් ස්ටාර්මර් විසින් ලබා දී ඇති ප්‍රමුඛතාවය අගය කරමු,"යනුවෙන් එම හමුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මෝදි සිය X සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබේ.

මේ අතර බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ද නවදිල්ලි අගනුවරදී හමුවිය.

බැඳීම් ඉහළ නැංවීමට දෙරට කැපවී සිවින අතර ද්විපාර්ශ්වික තාක්‍ෂණ ආරක්ෂණ මුලපිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක නිදහස් වෙළඳ ගිවිසුම අවසන් කිරීමට ඇති ආශාව සාදරයෙන් පිළිගනිමු යනුවෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය X ගිණුමේ සටහන් කර තිබේ.ඔහු වැඩිදුරටත් පැවසීය.

ඩේවිඩ් ලැමීගේ මෙම ඉන්දියානු සංචාරය එරට නව අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය යටතේ බ්‍රිතාන්‍යයේ අලුතින් තේරී පත් වූ කම්කරු රජය විසින් කරන ලද පළමු ඉහළ මට්ටමේ සංචාරය සනිටුහන් කරයි