Sunday, September 8, 2024

General line - 0115112241

පකිස්තානයේ බාලිකා පාසලක පිපිරීමක් 

චිරාන් ධර්මසේන




පාකිස්තානයේ Zerki ගම්මානයේ ත්‍රස්තවාදීන් යැයි සැක කරන පිරිසක් විසින් ඉකුත් ඉරිදා සිදු කළ පිපිරීමකින් රජයේ බාලිකා පාසලක් විනාශ වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් සර්කි රජයේ බාලිකා විද්‍යාලයට ඇතුළු වී පුපුරණ ද්‍රව්‍යයක් තොගයක් පුපුරුවා හැර ඇති බවයි.

ඉන් පාසල් ගොඩනැගිල්ලේ කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

මෙම පාසලේ ගැහැණු ළමුන් 400 ක් පමණ ඉගෙනුම ලබන බව ද සඳහන්.

මෙම සිදුවීමෙන් අනතුරුව දිස්ත්‍රික්කයේ පිහිටි සියලුම බාලිකා පාසල්වල ආරක්ෂාව වැඩි කරන ලෙස බලධාරීන් රජයෙන් ඉල්ලා තිබෙනවා.

පකිස්තානයේ බාලිකා පාසලක් ගිනි තැබූ පළමු අවස්ථාව මෙය නොවේ.

ගෝල්ඩන් ඇරෝ බාලිකා මධ්‍ය විද්‍යාලය නම් වූ පාසලකට පසුගිය මැයි 29 වැනිදා ෂඛිමාර් ගම්මානයේ ගිනි තබා තිබුණා.

අෆියා ඉස්ලාමීය බාලිකා පොදු පාසල මැයි 8 දා නාඳුනන මිනිසුන් විසින් පුපුරුවා හරිනු ලැබුවා.