Saturday, September 21, 2024

General line - 0115112241

තිදෙනෙකුට මරු කැඳවූ අනතුරේ බස් රියදුරා අත්අඩංගුවට (UPDATE)




පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවමින් තිස්සමහාරාම ප‍්‍රදේශයේදී අද (21) සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සිදුවූයේ බස් රථයක් සහ ත‍්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්. ඒ, කොළඹ කතරගම ප‍්‍රධාන මාර්ගයේ තිස්සමහාරාම අටේ කණුව ප‍්‍රදේශයේදීයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුයේ ත‍්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් තිදෙනෙක්. ඔවුන් කතරගම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

අනතුරට ලක්වූයේ වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක්. ත‍්‍රීරෝද රථයේ ගමන්ගත් පුද්ගලයින් බීමතින් සිටි බවටයි සැකකෙරෙන්නේ.

ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු අද (21) දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

…………………………………………………………..

තිස්සමහාරාමයේ රිය අනතුරකින් 3ක් මරුට (PHOTOS)

Aug 21, 2016 @ 15:20

තිස්සමහාරාම කොහොඹගහපැලැස්ස ප‍්‍රදේශයේ අද (21) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සිදුවුණේ ත‍්‍රිරෝද රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන්.

ජීවිතක්ෂයට පත්වූ තිදෙනාම ත‍්‍රීරෝද රථයේ ගමන් කළ අය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

Image00001accident Image00002accident Image00003accident