Saturday, September 21, 2024

General line - 0115112241

ශ්‍රී ලංකන් ගුවන් යානය පැය 15ක් ප්‍රමාද වූ හේතුව මෙන්න




ජර්මනියේ ෆ්‍රැන්ක්ෆට් ගුවන් තොටුපොළින් 19 වැනිදා සවස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා පැමිණීමට නියමිතව තිබූ UL554 දරණ ගුවන් යානය ප්‍රමාද වීමේ සිද්ධියට අදාළ ගුවන් නියමුවාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළේ ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළ බලධාරීන් විසින් ප්‍රමාද වී පැමිණි අදාළ ගුවන් නියමුවා සම්බන්ධයෙන් සිදුකළ මධ්‍යසාර පරීක්ෂණයෙන් ඔහු අසමත් වී තිබෙන බවයි.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම නියමුවාගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් UL554 දරණ ගුවන් යානය මේ හේතුවෙන් එදින (19) පැය 15 ක පමණ කාලයක් ප්‍රමාද වී තිබුණා.