Saturday, September 21, 2024

General line - 0115112241

දිවයින වටා මුහුදු ප‍්‍රදේශවලට තද සුළං




ඉදිරි පැය 24ක කාලය තුළදී දිවයින වටා මුහුදු ප‍්‍රදේශවලට තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා.

ඒ අනුව දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප‍්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් පමණ තද සුළං තත්ත්වයක් ඇති විය හැකියි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල ද සුළං වේගය ඉහළ යනු ඇති. එබැවින් එම මුහුදු ප‍්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකියි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප‍්‍රජාව වඩාත් විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.