Saturday, September 21, 2024

General line - 0115112241

මිචෙල් ස්ටාර්ක්ගෙන් ලෝක වාර්තාවක්!




සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරඟය මේ වන විට පැවැත්වෙනවා.

තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 146 ලබාගෙන සිටිනවා.

මෙහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මිචෙල් ස්ටාර්ක් වාර්තාවක් තැබීමට සමත් වුණා.

ඒ එක්දින තරඟ ඉතිහාසයේ වේගවත්ම කඩුලු 100 ලබාගත් ක්‍රීඩකයා ලෙසින්.

ඔහු කඩුලු 100 ලබා ගත්තේ සිය 52වන තරඟයේදීයි.

මීට පෙර මෙම වාර්තාව තබා තිබුනේ පකිස්ථානයේ සක්ලින් මුෂ්ටාක්.ඔහු කඩුලු 100ක් ලබා ගැනීමට තරඟ 53 වැයකර තිබුණා.

ස්ටාර්ක්ගේ 100 වන කඩුල්ල ලෙස දැවී ගියේ ධනංජය ද සිල්වායි.