Saturday, September 21, 2024

General line - 0115112241

මාතලේ ශිෂ්‍යත්ව අක‍්‍රමිකතාවක් ගැන පරීක්ෂණයක්




මාතලේ විල්ගමුව නුගගොල්ල පාසලේ අද (21) පැවති ශිෂ්‍යත්ව විභාගයේදී සිදුවූ බව කියන ගැටලුවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ප‍්‍රශ්න පත‍්‍රයේ පිළිතුරු ලිවීමේදී තම දරුවන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපා ඇතැයි දෙමව්පියන් පිරිසක් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට කළ පැමිණිල්ලක් ඊට හේතු වී තිබුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විභාගයට මුහුණදුන් සිසුන් කිහිපදෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.

කෙසේ වෙතත් විභාග ප‍්‍රශ්න පත‍්‍රය ලබාදීමේදී ප‍්‍රමාදයක් සිදුවූ බවට පළ වන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

මේ අතර අද (21) පැවති ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව පැවති බවත් එහි ප‍්‍රතිඵල ඔක්තෝම්බර් 15 වෙනිදාට පෙර ලබාදිය හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව කියා සිටියා.