Saturday, September 21, 2024

General line - 0115112241

බන්දුලට වෙන්න තිබුණු දේ එස්.බී හෙළි කරයි (VIDEO)




පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන හෝමාගම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීම ගැටලුවක් නොවන බව අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. අද (21) හේවාහැට ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ද අමාත්‍ය එස්.බී. දිසානායක එහිදී අදහස් පළ කළා.

එම වීඩියෝව පහතින් දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිලුම් අමුණුගම ද බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අද (21) අදහස් පළ කළා.

ඔහු ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවයි.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍ය අමතමින්. අදාළ වීඩියෝව පහතින් දැක්වේ.