Friday, October 18, 2024

General line - 0115112241

ඉන්දියා, අමෙරිකා, ඔස්ට්‍රේලියාව පසු කරමින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගන්නා පිරිස ශ්‍රී ලංකාවේ ඉහළට




 මෙරට ජනගහණයෙන් සියයට 42කට ආසන්න සංඛ්‍යාවකට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පුද්ගලයින් ලක්ෂ 92කට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, යන රටවල්වල විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රතිශතය ඉතා පහළ මට්ටමක පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


විදෙස් ගමන් බලපත්‍රය හිමි මෙරට පුද්ගලයන්ගෙන් මෙහිදී ඉල්ලීමක් කළා.