Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දීය සුපිරි බොලිවුඩ් නළුවෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් 




ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ජීවත් වන  මුම්බායි  බන්ද්‍රා හි පිහිටි Galaxy Apartments නිවාස සංකීර්ණය ඉදිරිපිට   වෙඩි තැබීමක්  සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

 එම වෙඩි තැබීම සිදුව ඇත්තේ අද උදෑසන අලුයම 5 ට පමණ  බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ. 

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් වෙඩි ප්‍රහාර හතරක් පමණ එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. 

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය පොලිසිය සහ අපරාධ අංශය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන අතර  අධිකරණ වෛද්‍ය විද්‍යා විශේෂඥයින් කණ්ඩායමක්ද විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

පසුගිය වසරේ මාර්තු මාසයේදී ද සල්මන් ඛාන්ට තර්ජනය කරමින් ඔහුගේ කාර්යාලයට ඊමේල් පණිවිඩයක් ලැබී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ.