Monday, April 29, 2024

General line - 0115112241

යුක්‍රේන ප්‍රහාරයකින් තවත් පුද්ගලයින් 16 දෙනෙකු මියයයි




යුක්‍රේන හමුදාව විසින් රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයකට එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු හමුදා ග්‍රහණයට ගෙන ඇති ප්‍රදේශයක් වන දකුණු  ටොක්මැක් නම් ප්‍රදේශයට මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රුසියාවට අයත් මෙම භූමි ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් යුක්‍රේනය විසින් ෂෙල් වෙඩි ප්‍රහාරය මාලාවක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් 12 දෙනෙකුගේ තත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.