Tuesday, April 30, 2024

General line - 0115112241

කරච්චි නුවර වැසියන් ගමන්බිමන්වලට බිය වෙයි




පකිස්ථානයේ කරච්චි නුවර පිහිටි ඉස්ලාම් දේවස්ථාන වෙත පැමිණෙන බැතිමතුන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අර්බුධයකට මුහුණ පා ඇතැයි වාර්තා වනවා.

ඒ කරච්චි නුවර මංකොල්ලකෑම් ඉහළ යාම හේතුවෙන්.

පවතින තත්ත්වය අනුව නගරයේ හුදෙකලාව ගමන් කරන පුද්ගලයෙකු කොල්ල කෑම්වලට මුහුණ පෑමේ ප්‍රවණතාව මේවනවිට ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පකිස්ථාන මාධ්‍ය වාර්තා කරන පරිදි ඉකුත් සිකුරාදා කරච්චි නුවර ඉස්ලාම් දේවස්ථානයකට ආයුධ සන්නද්ධ කොල්ලකරුවෙකු කඩා වැදී තිබෙනවා.

කොල්ලකරුවෙකු පල්ලියට ඇතුළු වී එහි සිටි ඉස්ලාම් බැතිමතුන් තිදෙනෙකුගෙන් ජංගම දුරකථන සහ රුපියල් 10,000 ක මුදල් පැහැරගෙන ගොස් ඇති බව පකිස්ථාන මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් පල්ලියේ  පරිපාලනය විසින් සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තාවක් මෙතෙක් ලියාපදිංචි කර නොමැති බවයි පොලිසිය පැවසුවේ.

එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අදාළ ස්ථානවලින් සීසීටීවී දර්ශන රැස්කරමින් සිටින බව පොලීසිය පවසනවා.

ඉකුත් රාමසාන් සමයේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරවලට කරච්චි නුවර පුරවැසියන් 19 දෙනෙකු ගොදුරු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.