සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද දින යළිත් ආරම්භ වුණා.
ඒ අනුව, මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ.
මෙම වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දිනෙන් අවසන් වුණා.
2023 අධ්‍යනය පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මස 06 වන දා සිට 18 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බැවින් මැයි මස 03 වන දින පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් වීමට නියමිතයි.