Friday, October 18, 2024

General line - 0115112241

ක්‍රිකට් පිටියේ අංක විජ්ජාව - “ඩක්වර්ත් ලුවිස්” ලොවට හඳුන්වා දුන් නිර්මාතෘ මිය යයි




වර්ෂාවෙන් බලපෑමට ලක් වූ ක්‍රිකට් තරඟවල ප්‍රතිඵල තීරණය කිරීම සඳහා ලොව පුරා ක්‍රියාත්මක ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ සම නිර්මාණකරුවෙක් වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මියගොස් තිබෙනවා.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 84ක්.

ෆ්‍රෑන්ක් ඩක්වර්ත් යනු සංඛ්‍යා ලේඛනඥයෙකු වනවා. ඔහු සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද මෙම ක්‍රමය ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී භාවිතා කර ඇත්තේ 1997දීයි.

පසුව එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ද විධිමත් ලෙස සකස් කර සම්මත කළා.

ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ සම නිර්මාණකරු වන ටෝනි ලුවිස් 2020 වසරේදී මිය ගියා.

“ඩක්වර්ත් සහ ලුවිස්” යනු ක්‍රිකට් තරඟ නරඹන බොහෝ ප්‍රේක්ෂකයින්ට අදටත් ප්‍රෙහෙළිකාවක්.

මේ වන විට ක්‍රියාත්මක පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඇෆ්ගන් - බංග්ලාදේශ තීරණාත්මක තරඟයේ තීරණය කෙරුණේද “ඩක්වර්ත් සහ ලුවිස්” න්‍යාය යටතේයි.